Sunday, July 15, 2012

500 Internal Server Error නිවැරදි කරන්නේ කොහොමද?


මීට හරියටම පැය විසිහතරකට විතර කලින් (ඊයේ හවස) මම මගේ Word Processing Apps වෙබ් සයිට් එකට ලොග් වෙන්න ට්රයි කරනකොට මෙන්න මේ වගේ Error message එකක් ආවා.

Internal Server Error

The server encountered an internal error or misconfiguration and was unable to complete your request
Please contact the server administrator.................
ඒ වෙලාවේ මම ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. මොකද මම හිතුවේ ඒක මගේ වෙබ් හොස්ටින් කොම්පැණි එකේ තාවකාලික ප්රශ්ණයක් කියලා (මගේ වෙබ් සයිට් එක තියෙන්නේ LKWebHosting වල. ඒක ශ්රී ලංකාවේ එකක්. එයාලාගේ service එකනම් excellent!). වැඩේ සීරියස් කියලා මම දැනගත්තේ අද උදේ සයිට් එකට ලොග් වෙන්න ට්රයි කරනකොට. කේස් එක තාම එහෙමමයි. මම වෙබ් සයිට් එක පවත්වාගෙන ගියාට මොකද මම ඔය cPanel එක ගැන ලොකුවට දන්නේ නෑ. ඉතින් මම කල්පනා කලේ LKWebHosting එකෙන් මේ කේස් එක ගොඩ දාගන්න පොඩි සපෝර්ට් එකක් ගන්න. මම මගේ client area එකට ලොග් වෙලා support ticket එකක් ඕපන් කරන්න යනකොට මම දැක්කා එයාලාගේ සයිට් එකේ පැත්තකින් පොඩි ආර්ටිකල් සෙට් එකක් තියෙනවා. එකක් තිබුනා "About Internal HTTP Server Error 500" කියලා. ඒක කියෙව්වම තමයි මට තේරුනේ මේක ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් කේස් එකක් කියලා. මම කොහොම හරි ඒ ආර්ටිකල් එක fallow කලා. වැඩේ ගොඩ!

මෙන්න මෙහෙමයි මම වැඩේ ගොඩ දැම්මේ

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ cPanel ලොග් වෙලා Error Log කියන ඒරියා එකට යන එක.
වෙබ් සයිට් එකක් රන් වෙනකොට එන දෝෂ සියල්ලම මේ Error Log එකේ සටහන් වෙනවා. මේක කියවලා තේරුම් ගන්න පුලුවන්නම් වෙබ් සයිට් වල දෝෂ නිරාකරණය කරනවා කියන්නේ සුලු දෙයක්.
මගේ Error Log එකේ මෙන්න මේ වගේ සටහනක් උඩින්ම තිබුනා.
[Sun Jul 15 05:33:10 2012] [error] [client xx.xxx.xxx.xxx] SoftException in Application.cpp:xxx: Directory "/home/user/public_html" is writeable by group
මේකේ  "/home/user/public_html" is writeable by group කියන එක තමයි කේස් එක. ඒකේ සරල අදහස තමයි public_html කියන ෆෝල්ඩර් එක වෙනත් අයට මොඩිෆයි කරන්න පුලුවන් කියන එක. ඒක සීරියස් කේස් එකක් නිසා තමයි තුන්වන පාර්ශවයකට සයිට් එකට ලොග් වෙන්න නොදී 500 Error එක පෙන්නන්නේ.
මේක ෆයිල් පර්මිෂන් වල ප්රශ්ණයක්. ෆයිල් පර්මිෂන් 000 වල සිට 777 දක්වා වෙනස් වෙනවා. 000 කියන්නේ කාටවත් ලොග් වෙන්න බෑ (අඩු තරමේ administrator ට වත්). 777 කියන්නේ ඕනෑම කෙනෙකුට මොඩිෆයි කරන්න පුලුවන්. මේ දෙකම ගැලපෙන්නේ නෑ, සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ 755 කියන ෆයිල් පර්මිෂන් සැකසුම. ඒ කියන්නේ පහල තියෙන screenshot එකේ හයිලයිට් කරලා තියෙන චෙක් බොක්සස් දෙක අන්චෙක් (disable) කිරීම.
මගේ වෙබ් එකේ public_html ෆෝල්ඩර් එකට තිබුණ ෆයිල් පර්මිෂන් තමයි මේ screenshot එකේ පෙන්වන්නේ. ඒක නැවත 755 ට සෙට් කරාට පස්සේ වැඩේ ගොඩ. දැන් Word Processing Apps වෙබ් සයිට් එක කේස් එකක් නැතුව වැඩ. Thanks LKWebHosting!
ගොඩක් 500 Internal Server Errors වලට ප්රධාන හේතුව තමයි මම මේ විස්තර කරපු සීන් එක. තව හේතු ගොඩක් තියෙන්න පුලුවන්, නමුත් මම ඒවා ගැන එච්චර දන්නේ නෑ. ඔයාලා ඒ ගැන යමක් දන්නවානම් මේකට comment එකක් දාන්න. ඒක අනිත් අයට ලොකු උදව්වක් වේවි.

No comments:

Post a Comment