නමුත් ඒකේ පොඩි (පොඩි කිව්වට ඇත්තටම ලොකු) ප්රශ්නයක් තියෙනවා. අපේ ISP ගෙන් ලැබෙන මොඩම් එක ලැබෙන්නේ Network locked මොඩම් එකක් විදියට. ඒකට වෙන නෙට්වර්ක් එකක සිම් කාර්ඩ් එකක් වැඩ කරන්නේ නෑ. නමුත් ඒ ගැන කණගාටු වෙන්න ඕනේ නෑ, මොඩම් එකක් අන්ලොක් කර ගන්න එක තමන්ටම ලේසියෙන් කරගන්න පුලුවන් පොඩි වැඩක්.
මම මේ ලිපියෙන් කියන්න යන්නේ ලංකාවේ ගොඩක් ජනප්රිය ඉන්ටර්නෙට් මොඩම් වර්ගයක් වන HUAWEI modem එකක network lock එක ඉවත් කරන්නේ කොහොමද කියන එක ගැනයි.
හරි, එහෙනම් වැඩේට බහිමු!
මම මේක ටෙස්ට් කලේ මගේ HUAWEI E173 modem එකෙන්. ඔයාගේ මොඩම් එක E173 නොවුනත් මේක සාර්ථක වෙන්න ඉඩ තියෙනවා, මොකද මම මේකෙදී පාවිච්චි කරන Software එක ගොඩක් මොඩම් වලට වැඩ කරනවා.හොදට මතක තියා ගන්න, ලොක් කරපු මොඩම් එකකට Unlock Code එක ඇතුල් කරන්න පුලුවන් දහ වතාවක් පමණයි. වැරදි අන්ලොක් code එකක් දහ වතාවක් ඇතුල් කලොත් මොඩම් එක සදාකාලිකවම ලොක් වෙනවා. ඊට පස්සේ කිසිම සිම් එකක් වැඩ කරන්නේ නෑ. ඒකෙන් ආයෙ ඉන්ටර්නෙට් යන්න ඕනේ නම් ඔයාගේ ISP ලගටම ගිහින් දහ අතේ වැදලා තමයි හදා ගන්න වෙන්නේ. ඒ නිසා මම මේ කියන ක්රමය දෙපාරකට වඩා ට්රයි කරන්න එපා. Unlock code වැරදියි කියලා Error message එකක් ආවොත් වැඩේ අතහැරලා දාන්න, දිගින් දිගටම ට්රයි කරන්න එපා!01. ඉස්සෙල්ලාම අපිට Universal MasterCode කියන සොෆ්ට්වෙයා එක අවශ්‍ය වෙනවා. ඒක ඔයාට මෙතනින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
02. ඊට පස්සේ ඔයාගේ මොඩම් එකේ IMEI Number එක හොයාගෙන ඒක පැහැදිලිව කොලයක ලියා ගන්න. IMEI Number කියන්නේ ඉලක්කම් 15 ක අංකයක් මොඩම් එකේ ආවරණය ඉවත් කළ විට මේ IMEI Number එක හොයා ගන්න පුලුවන්.
03. දැන් අපි ටිකකට කලින් ඩවුන්ලෝඩ් කරපු ZIP archive එක ඇතුලේ තියෙන Universal MasterCode.exe කියන ෆයිල් එක ඕපන් කරන්න. ඒකේ "Huawei" tab එක ඕපන් කරගන්න.
04. දැන් ඔයාගේ මොඩම් එකේ IMEI Number එක "IMEI:"කියලා තියෙන text field එකට (රතු පාටින් හයිලයිට් කර ඇති) ඇතුල් කරන්න. IMEI Number එක නිවැරදි බව තහවුරු කර ගැනීමට අඩුම තරමින් තුන් වතාවක් වත් නැවත පරීක්ෂා කරන්න.
05. ඇතුල් කරන ලද අංකය නිවැරදි නම් "Calculate" බොත්තම ක්ලික් කරන්න. ඔයාගේ මොඩම් එකේ IMEI Number එකට අදාල Unlock Code එක "UNLOCK :" යන්න ඉදිරියෙන් දකින්න ලැබේවි (ඉහත පින්තූරයේ කොළ පාටින් කොටු කර ඇති කොටසේ).
06. දැන් ඔයාගේ මොඩම් එකට වෙනත් නෙට්වර්ක් එකක (ඔබේ ISP Network හැර) සිම් කාර්ඩ් එකක් ඇතුල් කර එය පරිගනකයට සම්බන්ධ කරන්න. ඉන්පසු Mobile Partner (හෝ මොඩම් එක සමග ලැබුණු මෘදුකාංගය) විවෘත කරන්න.
07. Mobile Partner විවෘත වූ පසු ඔබට Unlock Code එක ඇතුල් කිරීමට පහත ආකාරයේ වින්ඩෝවක් විවෘත වේවි. එයට Universal MasterCode විසින් generate කරන ලද Unlock Code එක ඇතුල් කරන්න.
08. දැන් වෙනත් නෙට්වර්ක් එකක සිම් එකකින් අන්තර්ජාලයට සම්බන්ධ වී බලන්න.
ඔබ සාර්ථකව ඔබේ HUAWEI Modem එක Unlock කිරීම පිළිබදව මගේ සුභපැතුම්!

media fire එකේ Universal MasterCode සොෆ්ට්වෙයාර් එක තවදුරටත් නැහැනේ, පුලුවන්නම් මට මේල් කරන්න ලොකු උදව්වක්.
ReplyDeletebabikgij@gmail.com
Check this out, http://huaweiunlocking.blogspot.com/2012/02/huawei-zte-universal-master-code.html
Delete